අස්වැසුම නව සමීක්ෂණ කටයුතුවලින් 73% ක් අවසන්

අස්වැසුම නව සමීක්ෂණ කටයුතුවලින් 73% ක් අවසන්

by Staff writer 31-07-2026 | 9:43 AM

COLOMBO(News1st) - අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාම ලේඛණය යාවත්කාලීන කිරීමට අදාළ සමීක්ෂණ කටයුතු 73% ක් අවසන් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති නිමල් කොටවෙලගෙදර පැවසුවේ, සමීක්ෂණයෙන් පසුව තෝරාගන්නා නව ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කළ හැකි බවයි.