ගම්මැද්ද Re-build තවත් අදියරක් මාතලෙන් ඇරඹේ.

ගම්මැද්ද Re-build තවත් අදියරක් මාතලෙන් ඇරඹේ.

by Staff writer 24-07-2026 | 2:54 PM

COLOMBO(News1st) - දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව නගා සිටුවන, ගම්මැද්ද Re-build වැඩසටහනේ තවත් අදියරක් මාතලේ කාර්මික විද්‍යාලයේදි අද(24) ආරම්භ විය.

ගම්මැද්ද මෙය සංවිධානය කරන්නේ, ඔිස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ පූර්ණ සහයෝගයෙන්.

වැඩසටහන ක්‍රියාවට නංවන්නේ, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සහ ගම්මැද්ද ඒකාබද්ධවයි.

එදා, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිරස, ශක්ති සහන යාත්‍රා ක්‍රියාන්විතය හදිසි සහන සේවා ඉටු කළේ ජනතාවට දැවැන්ත ශක්තියක් වෙමින්.

ඊළඟ පියවර වූයේ පීඩාවට පත් ජනතාව යළි නගා සිටුවීමයි.

ඒ අනුව ආරම්භ වූයේ, ගම්මැද්ද Care And Dare.

යළි නැගිටින රට වෙනුවෙන් ගම්මැද්ද තබන තුන්වැනි පියවර ලෙස ගම්මැද්ද Re-build දැන් ක්‍රියාත්මකයි.

ජන ජීවිත නගා සිටුවා වෘත්තීය ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් පිරිස් වෙත පෙදරේරු, වඩු කාර්මික, විදුලි කාර්මික, ලෝහ නිමැවුම් ,ඇඟලුම් නිර්මාණ ඇතුළු අංශවල පුහුණුව ලබාදීම අද සිදු කෙරේ...