කර්මාන්තශාලාවල ආරක්ෂිත තත්ත්වයන් පරීක්ෂාවට විමර්ශන

කර්මාන්තශාලාවල ආරක්ෂිත තත්ත්වයන් පරීක්ෂාවට විශේෂ විමර්ශනයක්

by Staff writer 23-07-2026 | 7:20 AM

COLOMBO(News1st) - දිවයින පුරා පවතින සියලු කර්මාන්තශාලා ආරක්ෂිත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ විමර්ශනයක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ඔහු පැවසුවේ, හෝමාගම, කටුවාන ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා පරිශ්‍රය ඇතුළු කර්මාන්තශාලා කිහිපයක පසුගිය කාලය තුළ වාර්තා වු ගිනි ගැනිම් හේතුවෙන් එම පියවර ගන්නා බවයි.

ඒ අනුව සියලු කර්මාන්ත වර්ගීකරනයක් සිදු කර එම කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.