වෘත්තීය අධ්‍යපානය ශක්තිමත් කිරීමට ජනපතිගේ අවධානය

වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය යොමු කළ යුතුයි- ජනපති කියයි.

by Staff writer 18-07-2026 | 7:36 AM

COLOMBO (News 1st) - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට විශේෂ අවධානය යොමු කළ යුතු බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවයි.2026 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවූ බවයි.

සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථීර භූමියක් ලබා දීම පිළිබඳව මෙන්ම, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම ලබන වසරේ සිට ක්‍රමයෙන් වැඩි කිරීම පිළිබඳව එහිදි  සාකච්ඡාවී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය මෙන්ම වැටුප් විෂමතා පිළිබඳව සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ඉදිරියේදී සාකච්ඡා කිරීමටත්, ඒ වෙනුවෙන් විශේෂ කොමිෂන් සභාව මගින් ස්ථිර විසඳුම් ලබා දීමටත් එම සාකච්ඡාව්දී  එකඟතාව පළවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.