අධිකරණයෙන් අල්ලස් කොමිසමට නියෝගයක්...

කපිල චන්ද්‍රසේනට එරෙහිව නඩුවේ ප්‍රගතිය දන්වන්නැයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් අල්ලස් කොමිසමට නියෝග...

by Staff writer 14-07-2026 | 6:06 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විමර්ශන ප්‍රගතිය ඔක්තෝබර් 13 වැනිදා අධිකරණයට දන්වන්නැයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (14) අල්ලස් කොමිසමට නියෝග කළේ ය.

ඒ, සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදියි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සිදුකළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

සිද්ධියේ සැකකාරියක් වන ප්‍රියංකා නයෝමාලි වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ හර්ෂණ මාතර ආරච්චි සඳහන් කර සිටියේ ඇය විදේශ රටක පදිංචිව සිටින බැවින් රතු වරෙන්තු නිකුත් කිරීම පිළිගත නොහැකි බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර ප්‍රගතිය ඔක්තෝම්බ 13 අධිකරණයට වර්තා කරන ලෙස නියෝග කළේ ය.