.webp)
-619549.jpg)
එම ලිපියේ සඳහන් වූයේ ආණ්ඩුව මේ වන විට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට උත්සාහ දරණ බව තමන්ගේ විශ්වාසය බවයි.
මෙම ක්‍රියාව නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් ඇති කළ හැකි තත්වයක් වන අතරම එමඟින් මව්බිමේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල කිරීමට උත්සහ දරණ බව පෙනී යන බවද, නාමල් රාජපක්ෂ විපක්ෂනායකවරයාට දැනුම්දී තිබේ.
ඔහු විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ සියලු ප්රජාතන්ත්රවාදය අගයන පක්ෂ මෙම පත්ව ඇති බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවීමක් කරන ලෙසයි.
මේ සඳහා මේ වනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂවල නායකයින් හා අනෙකුත් සුදුසු යැයි හැගෙන දේශපාලන පක්ෂ නායකයින් කැඳවීම සුදුසු බව ද නාමල් රාජපක්ෂගේ ලිපියේ සදහන්.

