.webp)

විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ, ලබන 23 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාව පවතින බවයි.
සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි.
විභාගය සඳහා අයදුම් කිරීමේදී පෞද්ගලික අයදුම්කරුවන් ජාතික හැඳුනුම්පත භාවිත කළ යුතුයි.
ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන්, තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කර ලියාපදිංචි වීමෙන් අනතුරුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ, www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස ලබාදී ඇති උපදෙස් පැහැදිලිව කියවා, ඒ ආකාරයට නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි.
අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීම සඳහා තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ, පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළ යුතු පරිශීලක නාම හා මුරපද පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇති බවයි.
ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැකි බවත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
