අධි බලැති යතුරුපැදි 5ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට.

අධි බලැති යතුරුපැදි 5ක් සමග සැකකරුවෙක් අතුරුගිරියේදී අත්අඩංගුවට.

by Staff writer 30-06-2026 | 3:30 PM

COLOMBO(News1st) - අතුරුගිරිය, හෝකන්දර ප්‍රදේශයේදී අධි බලැති යතුරුපැදි 05 ක් හා ව්‍යාජ අංක තහඩු 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, 25 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.