ජාතික පොසොන් සතිය අදින් ඇරඹේ...

ජාතික පොසොන් සතිය අදින් ඇරඹේ...

by Staff writer 26-06-2026 | 9:33 AM

COLOMBO (News 1st) - ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වේ.

මෙවර එහි තේමාව, “අනුබුදු ගුණ බලයෙන් යුධ ගිනි නිවේවා” යන්නයි.

මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය, තන්තිරිමලය ඇතුළු පුදබිම් රැසක ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

ජූලි 02 වැනිදා දක්වා ක්‍රියාත්මක පොසොන් සතියේදී අනුරාධපුරයට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මකයි.

මේ අතර සිරස මාධ්‍ය ජාලය සංවිධානය කරන පොසොන් කලාප 03 ක් මෙවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

පොසොන් කලාප නම්කර ඇත්තේ 'රුහුණු මායා පොසොන් පූජා' නමිනි.

ඒ අනුව නිවුස් ෆස්ට් පොසොන් කලාපය පැවැත්වෙන්නේ, අම්බලන්තොට ඓතිහාසික රම්බා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

ඒ ලබන 29 හා 30 දෙදින තුළයි.

එහිදී අම්බලන්තොට මහා චේතිය පිරිවෙනෙන් වැඩම කරවන සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් ඇතුළු, දාන සීල භාවනා වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතව තිබේ.

සිරස FM ඇතුළු MBC මාධ්‍ය ජාලය විසින් මිනිපුර පොසොන් කලාපය රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතනය කේන්ද්‍ර කර ගනිමින් ලබන  29 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරසTV ඇතුළු MTV මාධ්‍ය ජාලය මෙහෙය වන අංගීරස පොසොන් කලාපය මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ලබන 27 වැනිදා සිට ජූලි 03 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.