.webp)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තාක්ෂණික මට්ටමින් ඩෙංගු මර්දන ක්‍රියාවලියට සහය දක්වනු ඇති.
මෙරට පළමු වරට ග්‍රාමීය මට්ටමින් ඩෙංගු මර්ධන වැඩපිළිවෙල සහ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය එහිදි ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ග්‍රාම නිලධාරීවරුන්,පවුල් සෞඛ්‍ය නිලධාරින් සහ ප්‍රජා ශක්ති කමිටුවල සහභාගීත්වයෙනි.
එමෙන්ම ඩෙංගු රෝග ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ හා ඩෙංගු රෝගීන් සම්බන්ධ වාර්තා දත්ත ග්‍රාමීය මට්ටමින් එක් රැස් කිරීමද එමගින් සිදුවේ.
ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දෙවන දිනය අදට යෙදී ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ කපිල කන්නන්ගර පැවසුවේ සියලුම ගම් මට්ටමින් එම ක්‍රියාවලිය සිදු කරන බවයි.
