ගෝඨාභය ජනාධිපති ධුරයේ සිටි කාල සීමාවේ රජයේ වැටුප් 2ක් ලබාගෙන ඇතැයි කියමින් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට...

by Staff writer 18-06-2026 | 12:44 PM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යංශය විසින් ය.

පොලීසිය පැවසුවේ, ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි කාල සීමාවේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින්,රජයේ වැටුප් දෙකක් ලබාගෙන ඇති බවයි.

ජනාධිපති පෞද්ගලික ලේකම් වැටුපට අමතරව සුගීෂ්වර බණ්ඩාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙලෙස වැටුප් දෙකක් ලබාගෙන ඇති බව විමර්ෂනවලදී හෙළි වී තිබේ.