.webp)

එහි අධ්යක්ෂ ජෙනරාල් දමිත් දිසානායක සඳහන් කළේ, පසුගිය අයවැය යෝජනාවකට අනුව එම නගර සංවර්ධනය කරන බවයි.
එය නම් කර ඇත්ත, ජීවන නගර ලෙසයි.
මේ යටතේ යාපනය ,වව්නියාව,මාතලේ,හැටන්,මඩකලපුව,හලාවත,තඹුත්තේගම,බදුල්ල, ඇහැළියගොඩ හා මාතර යන නගර විධිමත් සංවර්ධනයකට ලක් කෙරෙනු ඇති.
අධ්යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ රුපියල් මිලියන 1475 ක් වැය කෙරෙන වැඩසටහන යටතේ එම නගර ආශ්‍රිතව ඒකාබද්ධ සංවර්ධන ව්යෘපතියක් ක්‍රියාත්මක කරන බවයි.
ජනතාවට අවශ්‍ය කරන සියලු මූලික පොදු පහසුකම් එම නගරවල ස්ථාපිත කිරීම වැඩපිලිවෙල යටතේ සිදු කෙරෙන බව දමිත් දිසානායක සඳහන් කළේ ය.
