.webp)
-618284.jpg)
එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළේ, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට එම කාර්යාල විවෘත කරන බවයි.
එම කාර්යාල මගින් පැමිණිලි භාර ගැනීම, නඩු පැවරීම ඇතුළු කරුණු රැසක් සිදු කිරීමට නියමිතයි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පැමිණිලි භාර දීමට සහ සාක්ෂි ලබාදීමට ජනතාවට දැනට කොළඹට පැමිණිමට සිදුව ඇති බවයි.
ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමෙන් ජනතාවට සිදුවන එම අපහසුතා මගහරවා ගැනීමට හැකි බව, ඔහු ප්‍රකාශ කළේ ය.
අලුතින් අරඹන ප්‍රාදේශීය කාර්යාල සඳහා නිලධාරින් 971 ලබාදීමට නියමිතව තිබේ.
නීති නිලධාරින් ,නිවාරණ නිලධාරින් පිරිසක් ඊට ඇතුළත්.
