.webp)

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ, එල්නිනො තත්ත්වය හමුවේ ජල විදුලියට පමණක් යම් තරමක බලපෑමක් සිදු විය හැකි බවට දැනට අනුමාන කර ඇති බවයි.
කෙසේ වෙතත් බලශක්ති ඉතිරි කර ගැනීමට විදුලි විසන්ධි කිරිමකට කිසිදු අපෙක්ෂාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එල්නිනො තත්ත්වය හේතුවෙන් බලශක්ති ක්ෂේත්රයට බලපෑමක් එල්ලවනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉදිරි සතියේ පවත්වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
