COLOMBO (News1st) - කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද නම් කෙරිණ.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.
ඒ අනුව සැකකරුට ජූලි 27 අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරිණ.