.webp)
 (4)-617509.jpg)
එලෙස වැඩ තහනම් කර ඇත්තේ අම්බලන්ගොඩ පොලිස්ථානයේ කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සහ අහුංගල්ල පොලිස්ථානයේ කොස්තාපල්වරයෙකුගේයි.
පොලිස් නිලධාරින් පිරිසක් මත් ද්‍රව්‍ය පානය කරණ බවට ලැබුණු තොරතුරක් අනුව අම්බලන්ගොඩ, අහුංගල්ල, බෙන්තොට සහ ඇල්පිටිය යන පොලිස් ස්ථානවල කොස්තාපල්වරුන් 09 දෙනෙකු, ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා තහවුරුකර ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවයි.
ඒ අනුව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඔවුන් වැඩ තහනමට ලක් කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් මූලික විමශනයක් සිදු කරන බවයි.
ඉන් පසුව විනයානුකූල පියවර ගන්නා බවද, ඔහු සඳහන් කළේ ය.
