වෙසක් සතිය වෙනුවෙන් දින 3ක් මාංශ අලෙවි සැල් වැසෙයි

වෙසක් සතිය වෙනුවෙන් දින 3ක් මාංශ අලෙවි සැල් වැසෙයි...

by Staff writer 27-05-2026 | 3:40 PM

COLOMBO (News 1st) - ලබන 30,31 හා ලබන මස පළමු වැනිදා යන දින තුනේ මස් මාංශ අලෙවි සැල්,මස් පිණිස සතුන් මරණ ස්ථාන,සුපිරි වෙළෙඳ සැල්වල මස් අලෙවි කරන ස්ථාන ,රෙස් බුකී,කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ 2570 වැනි වෙසක් මංගල්‍යය වෙනුවෙන්  ක්‍රියාත්මක ජාතික වෙසක් සතියට සමගාමීව එම තීරණය ගත් බවයි.

අදින් ආරම්භ වන ජාතික වෙසක් සතිය ලබන මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ පොදු යහපත සඳහා වහ වහා පෙළ ගැසෙමු යන ‌තේමාව යටතේයි.