ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා චීනයට..

ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා චීනයට..

by Staff writer 13-05-2026 | 11:29 AM

COLOMBO(News1st) -

ඉරානයට එරෙහි යුධ ගැටුම් අවසන් කිරීමට තමන්ට චීනයේ සහයෝගය අවශ්‍ය නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව සාමකාමීව හෝ, නැත්නම් වෙනත් ආකාරයකින් හෝ ඉරානයට එරෙහි ගැටුම් අවසන් කරන බවයි.

චීනයේ දින තුනක නිල සංචාරයක් සඳහා පිටව යාමට පෙර ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ඩොනල්ට් ට්‍රම්ප් මේ බව පැවසුවේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී ඇන්ඩෘස් ගුවන් හමුදා කඳවුරේ සිට සිය එයාර් ෆොස් වන් ගුවන් යානයෙන් චීනය බලා පිටත්ව ගියේ ය.

2017 වසරෙන් පසු,  අමෙරිකානු රාජ්‍ය නායකයෙකු චීනයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

අවසන් වරට ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් මුණ ගැසුනේ පසුගිය ඔක්තෝබර් මාසයේ දකුණු කොරියාවේ බුසාන් නගරයේ පැවැත්වුණු ඒපැක් සමුළුව අතරතුරදී ය.

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන අමෙරිකාවේ සහ චීනයේ රාජ්‍ය නායකයින් ගෝලීය ආර්ථිකය,,තීරුබදු,, ඉරානය,, තායිවානය සහ කෘතීම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍ර ගණනනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.