.webp)

මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට ගත් අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ ආරිය තිස්ස ද සිල්වා යන සැකකරුවන්.
විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කෙසෙල්වත්ත පොලීසිය කියා සිටියේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීමට ඉදිරිපත් වෙමින් අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම සේවකවරයාගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.
එම ප්‍රකාශ අනුව පළමු සැකකරු මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක්ද ලබාගෙන ඇතැයි අනාවරණයවී තිබේ.
පොලීසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මේ සියලු ග්‍රාමසේවා සහතික පදිංචිය සහතික කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති බවයි.
ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මෙම ඇප තැබීමේ ක්‍රියාවලිය සිදුකර ඇති බවට විමර්ශන තුළින් අණාවරණය වන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
පොලීසිය අනාවරණය කළේ සැකකරුවන් කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවයි.
ඔවුන් කපිල චන්ද්‍රසේන නොහඳුනන බවද විමර්ශන නිලධාරීන් පැවසුවේ ය.
සැකකරුවන් ඇප ලබා දීමට මැදිහත් වූ සැකකරු මේ වනවිට මියගොස් තිබෙන අතර එම මරණය සම්බන්ධව තවමත් අවසන් තීන්දුවක් ලබා දී නැති බව කියා සිටි විමර්ශන නිලධාරීන් පැවසුවේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.
ඉදිරි විමර්ශන තවමත් සිදුවන බැවින් සැකකරුවන් හට ඇප ලබා දීමට විරුද්ධ වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධව වාර්තාවක් ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් හතරවන සැකකරු වන පෙරුමාල් ගනේෂ් හදුනා ගැනීමේ පෙරට්ටුවට අද දින ඉදිරිපත් කරන ලෙස නියම කළේ ය.
