.webp)

ඒ, නඩුව අද(12) මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.
තායිලන්තයේ සංචාරයක නිරත සැකකාර හිමිවරුන් 22නෙකු පසුගිය 25 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුනේ, ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් තිබීමත් සමගයි.
අමිතානන්ද නම් හිමිවරයෙකු විසින් එම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවට ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණි.
සැකකාර අමිතානන්ද හිමි ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගැණුනේ එදින පස්වරුවේයී.
සිද්ධියට ආධාර අනුබල දුන්නැයි, මහමුද් මොහොමඩ් නැමති පුද්ගලයකු කොළඹදී ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැණුනු අතර, සැකකරු ලබන 14 වැනිදා දක්වා තවදුරටත් රඳවා ප්‍රශ්න කරමින් සිටියි.
අද නඩුව කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැමිණ සිට නොමැත.
නිලධාරීන් පැමිණෙන තුරු එම නඩුව ආරම්භ කිරීම අවස්ථා 4 කදී කල් දැමුණි.
පෙරවරු 11.30 වන තුරු අදාළ නිලධාරීන් අධිකරණයට නොපැමිණි නිසා නඩු විභාගය ආරම්භ කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් නොපැමිණිමට හේතු ලබන 26 වැනිදා දැක්විය යුතු බවයි.
කේසේ වෙතත් එම නියෝග ලබාදුන් අවස්ථාවේ කාන්තා උප පොලිස් පරික්ෂකවරිය අධිකරණය හමුවේ පෙනී සිටියා ය.
අධිකරණයට පැමණීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය දැඩි ලෙස අවවාද කළ අතර, කාන්තා උප පොලිස් පරීක්ෂකවරිය කරුණු දක්වමින් කියා සිටියේ, හිමිවරුන් සියලු දෙනාගේ දුරකතන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.
මොහොමඩ් මුසිම් අබ්දුල්ලා නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත්, සැකකරු නඩුවේ හත්වන සැකකරු ලෙස නම් කිරිමටත්, පුජ්‍ය රනාලේ ඥානසීල හිමි අටවන සැකකරු ලෙස නම් කිරීමටත් ඇය අවසර ඉල්ලා සිටියා ය.
සිද්ධියේ සැකකාර අඹගස්මුල්ලේ පුන්‍යරතනට සහ බෙල්පිටියේ ධම්මරක්කිත යන හිමිවරුන් දෙදෙනාට ගුවන්ගමන් තහනමක් පැනවීමටත් අධිකරණය එහිදී නියෝග කළේ ය.
