සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතිඥවරිය යළි රිමාන්ඩ්.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතිඥවරිය යළි රිමාන්ඩ්.

by Staff writer 27-04-2026 | 6:13 PM

COLOMBO(News1st) - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත රැඳවුම් භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ තමරා අබේරත්න ලබන මස 7 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥ වෙසින් පැමිණි වෙඩික්කාර කමාන්ඩෝ සලින්ත සහ ඉෂාරා සෙව්වන්දි යන සැකකරුවන්ට නීතිඥ වෙස්ගැනීමට ආධාර අනුබල දීමේ සැකය මත තමරා අබේරත්න රඳවා ප්‍රශ්න කරමින් තිබුණි.