ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු දෙහිවලදී අත්අඩංගුවට.

by Staff writer 26-04-2026 | 10:01 PM

COLOMBO(News1st) - කොහුවල, දෙහිවල ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකළ බවයි.

එහිදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නොට්ටු 05 ක් හා රුපියල් 2000 ව්‍යාජ මුදල් නෝට්ටු 38ක් සිය භාරයට ගත් බවත් පොලීසිය පවසයි.

සැකකරු 56 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.