.webp)
-614924.jpg)
කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ(24) මිය යන විට වයස, අවුරුදු 86කි.
1940 පෙබරවාරි 02 වැනිදා කොටිකාවත්තේදී උපන් ඔහු, ග්රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ.
සිය පන්හිඳ ඔහු වැඩි වශයෙන් භාවිත කළේ, අයුක්තිය, අසාධාරණයට එරෙහි සමාජ ශෝධක භූමිකාවක් වෙනුවෙනි.
කෙටිකතා, නවකතා මෙන්ම පරිවර්තන කෘති හරහා නව ලේඛන රිතීයක් මෙරටට හඳුන්වා දුන් ලේඛකයෙකු ලෙස විචාරකයින් ඔහු හඳුන්වනු ලැබේ.
හොඳම කෙටි කතා සංග්‍රහය සදහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔහු දිනාගත්තේ, අසිරිමත් වැඩබිම කෘතිය වෙනුවෙනි.
භවාන්තරණය, අභිරහස් ජීවිත තරණය, අරාබි නිසොල්ලාසය, මහා රාවණා, සක්වල දඬයම ඇතුලු ග්රන්ථ රැසක්, ඔහුගේ ග්රන්ථාවලියට ඇතුළත්.
1967 දී ටෙනිසන් පෙරේරා රචනා කළ දැති රෝදෙන් උපන් බුදුන් කෘතිය වාරණයට ලක්විය.
එය මෙරට තුළ තහනමට ලක්වූ පළමු කෘතිය ලෙස සැළකෙනවා.
අභාවප්‍රාප්ත ටෙනිසන් පෙරේරාගේ දේහය, ඉරිදා උදෑසන 9 සිට තලාහේන පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා පස්වරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
