උත්සව සමයේ වෙළෙඳපොළ වැටලීම් අඛ‍ණ්ඩව..

උත්සව සමයේ වෙළෙඳපොළ වැටලීම් අඛ‍ණ්ඩව..

by Staff writer 12-04-2026 | 7:39 AM

COLOMBO (News 1st) - සති අන්තයේ දිනවලදීත් උත්සව සමයේ වෙළෙඳපොළ වැටලීම් තවදුරටත් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න සඳහන් කළේ, ඒ සඳහා නිලධාරීන් 350ක් අනුයුක්ත කර ඇති බවයි.

එහිදී එම නිලධාරීන් භාණ්ඩ මිල සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයක් සිදුකරනු ඇති.

භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ 1977 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි යොමු කළ හැකියි.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ වෙළෙඳපොළ වැටලීම් 6000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ ය.