අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 11-04-2026 | 7:47 AM

COLOMBO(News1st) - අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශය නිවේදනය කළේ, උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක වනු ඇති.

එහිදී අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙනු ඇති.

ඒ සඳහා, කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්ද පිහිටුවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, එය ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බවයි.

011- 2013051 / 011- 2027148/011- 2027149 / 011- 2430912 යන දුරකථන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බවයි.