පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත කෙරේ

නවිකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද යළි විවෘත කෙරේ

by Staff writer 08-04-2026 | 8:53 AM

COLOMBO(News1st) - නවිකරණය කළ පිටකොටුව මධ්‍යම බස්  නැවතුම්පොළ අද යළි විවෘත කෙරේ.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ , නවීන පහසුකම්වලින් සමන්විතව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවවක් සැපයීමට මධ්‍යම බස්නැවතුම් පොලේ පහසුකම් ඉහළ නංවා ඇති බවයි.

ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලය සඳහා ද මධ්‍යම බස් නැවතුම්පෙලේ පහසුකම් වැඩිදියුණු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර හෙට දිනයේ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට නියමිතයි.