.webp)
-613850.jpg)
අමාත්‍යවරයා පැවසුවේ, වන අලි ගම්වැදීම පාලනය සඳහා වනාන්තර ආශ්‍රිතව සුපෝෂණ කලාප ඉදිකිරීමටද පියවර ගෙන ඇති බවයි.
නිව්ස්ෆස්ට්හි නිපුණ විජයබණ්ඩාර සමගින් සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.
මේ අතර එප්පාවල ස්ථාන තුනකදී වන අලි පහරදීමෙන් ඊයේ (05) පුද්ගලයින් තුන් දෙනෙකු මියගියහ.
පොලීසිය සඳහන් කළේ, අවුරුදු 48, 36 සහ 51 යන වයස්වල පසුවන පුද්ගලයින් තුන්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි.
