ඉන්දුනීසියාවේ මොලුකා මුහුදේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ උතුරු මොලුකා මුහුදේ මැග්නිටියුඩ් 7.4 ක භූ කම්පනයක්.

by Staff writer 02-04-2026 | 6:47 AM

COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ මොලුකා මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 7.4ක්.

හවායි දූපත් පදනම් කරගත් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, භූ කම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ක් ඇතුළත පිහිටි ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයන්ට සුනාමි රළ පැමිණීමේ  අවදානමක් පවතින බවයි.

එම භූ කම්පනය මොලුකා මුහුදේ කිලෝමීටර් 35ක් පමණ පොලව අභ්‍යන්තරයේ හටගෙන තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඉන් කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.