.webp)
-613555.jpg)
ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මෙම සඳ තරණ මෙහෙයුම ආරම්භ වීමට නියමිතයි.
ඒ මෙරට වේලාවෙන් හෙට (02) පෙරවරු 3:54 ට පමණ.
මෙය 1972 වසරෙන් පසු මිනිසුන් රැගත් රොකට්ටුවක් සඳ තරණය කරන ප්‍රථම අවස්ථාවයි.
මෙහෙයුම දින 10 ක කාලයක් පුරා සිදුකෙරෙන අතර ගඟනගාමීන් හතර දෙනෙකු ඊට සහභාගී වනු ඇත.
රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම සඳහා ඉතා සුදුසු කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවට කාලගුණ අංශ පුරෝකථනය කර තිබේ.
මෙම සඳ තරණ මෙහෙයුම පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකිරීමට නියමිතව තිබුණු අතර එය කල් දමා තිබුණේ යානයේ හීලියම් ප්රවාහයේ පැවති ගැටලුවක් හේතුවෙන්.
