වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි

වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම අද සිට ඩිජිටල් වෙයි

by Staff writer 31-03-2026 | 9:23 AM

COLOMBO (News1st) - වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය, අද විවෘත වේ.

ඒ, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පූර්ණ ඩිජිටල්කරණයට ලක් කරමිනි.

සාවද්‍ය ආකාරයට වත්කම්, බැරකම් ප්‍රකාශ කිරීම මෙන්ම අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනා ගැනීමට ඒ යටතේ අවස්ථාව උදා වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු, රංග දිසානායක නිව්ස්ෆස්ට් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ය.