.webp)
-613502.jpg)
ඔහු පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවෙන් සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ග්‍රාම නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත හෝ නොපැමිණ මැතිවරණ E සේවාව මගින් නිවසේ සිටම ඉටුකර ගැනීමට හැකි බවයි.
eservices.elections.gov.lk සබැඳිය මඟින්, හඳුන්වා දෙන QR කේතය ස්කෑන් කර හෝ ec.lk/es මගින් මැතිවරණ E සේවාව වෙත පිවිස, පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් මගින් තමා සිටින ස්ථානයේ සිටම දවසේ ඕනෑම වේලාවක මැතිවරණ කොමිසමේ සේවා ලබා ගැනීමට හැකිවනු ඇති.
ඒ අනුව,
2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළව ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පත් තොරතුරු පරීක්ෂාව,
ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීම,
පදිංචි ස්ථානය මාරු කර ගැනීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීම,
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙතෙක් ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් වී නොමැති පුරවැසියන් හට ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරවා ගැනීම,
වයස අවුරුදු 18 සම්පූර්ණ නොවූ නමුත් ජාතික හැඳුනුම්පත ලබාගත් යොවුන් පුරවැසියන් හට ඉදිරියේදී ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම,
2015 වසරේ සිට මේ දක්වා ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි තොරතුරු ලබා ගැනීම,
ලියාපදිංචි තොරතුරු ඇතුළත් මැතිවරණ කොමසාරිස් ජනරාල්ගේ අත්සන සහිත ඡන්ද හිමි ලියාපදිංචි ප්‍රකාශය ලබා ගැනීම සහ
ආබාධ සහිත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විශේෂ අවශ්‍යතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව
මැතිවරණ කොමිෂන් සභාව හඳුන්වා දෙන E සේවාව ඔස්සේ ලැබෙන පහසුකම් වේ.
මැතිවරණ E සේවාව වෙබ් අඩවියට පිවිස එහි ඇති පුරවැසියන් සඳහා වන යොමුව මගින් මෙම සියලු සේවා ලබා ගත හැකි අතර, එක් එක් සේවා ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් එම එක් එක් සේවා අඩංගු ද්වාරය මත දක්වා ඇති බව මතිවරණ කොමසාරිස් ජනරාල් රසික් පිරිස් වැඩිදුරටත් සඳහන් කළේය.
