ජනපතිගෙන් ඉන්දීය අගමැතිට තුති!

ඉන්ධන නෞකාවක් කඩිනමින් මෙරටට එවීම සම්බන්ධයෙන් ජනපතිගෙන් ඉන්දීය අගමැතිට තුති!

by Staff writer 29-03-2026 | 4:24 PM

COLOMBO (News1st): ඉන්ධන නෞකාවක් කඩිනමින් මෙරටට එවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිට සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට ජනාධිපති අනුර කුමාර දිසානයක සිය කෘතඥතාව පළකර තිබේ.

ඒ, සිය X ගිණුමේ සටහනක් තබමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පසුගියදා රාජ්‍ය තාන්ත්‍රික දුරකථන සාකච්ඡාවක් පැවත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය ඔයිල් සමාගමේ (IOC) ඉන්ධන නෞකාවක් අද(29) කොළඹ වරායට පැමිණියේය.

එහි ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් හා 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු බව සඳහන් වේ.