ඉරානට එරෙහි ප්‍රහාර ට්‍රම්ප් දින 10කින් කල් දමයි

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කරයි!

by Janitha Mendis 27-03-2026 | 6:49 AM

COLOMBO (News 1st) - ඉරාන රජයේ ඉල්ලීම පරිදි, එරට බලශක්ති මධ්‍යස්ථාන විනාශ කිරීමේ මෙහෙයුම් ලබන අප්‍රේල් 06 වන සඳුදා රාත්‍රී 8:00 (ඇමරිකානු වේලාවෙන්) දක්වා තාවකාලිකව නතර කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටී.  
තම Truth සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දෙපාර්ශවය අතර සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බවයි.
"ඉරාන රජය කළ ඉල්ලීමකට අනුව, එරට බලශක්ති මධ්‍යස්ථාන විනාශ කිරීමේ කාලසීමාව අප්‍රේල් 6 වන සඳුදා රාත්‍රී 8:00 දක්වා අත්හිටුවන බව මෙම ප්‍රකාශය මගින් දැනුම් දෙනවා. සාකච්ඡා අඛණ්ඩව සිදුවන අතර ඒවා ඉතා යහපත් මට්ටමක පවතිනවා," යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇත.  
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් නිල වශයෙන් කිසිදු අදහසක් පළ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.