.webp)

නම හෙළි කිරීමට අකමැති වූ ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් එරට 'ප්‍රෙස් ටීවී' (Press TV) පුවත් සේවය වාර්තා කළේ, ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් සැලැස්ම ඉරානය ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඉරානය පනවා ඇති කොන්දේසි සපුරා ගැනීමෙන් අනතුරුව යුද්ධය අවසන් කිරීමට තීරණය කළ පසු පමණක්, පවතින ගැටුම්කාරී තත්ත්වය නිමාවට පත්වන බව ද එම පුවත් සේවය වැඩිදුරටත් අවධාරණය කළේය.
1 . සියලුම ආකාරයේ ආක්‍රමණශීලී ක්‍රියා සහ පුද්ගල ඝාතන වහාම නතර කළ යුතුය.
2 . ඉරානයට එරෙහිව නැවත කිසිදු දිනක යුද්ධයක් ඇති නොවන බව තහවුරු කළ යුතුය.
3 . යුද්ධය හේතුවෙන් සිදු වූ දේපළ හා ජීවිත හානි සඳහා නිශ්චිත වන්දි මුදලක් ගෙවීමට එකඟ විය යුතුය.
4 . යුද්ධය පවතින්නේ ඉරාන දේශසීමාවේ පමණක් නොව, කලාපය පුරා සිටින සියලුම 'ප්‍රතිරෝධී කණ්ඩායම්' සම්බන්ධ වී සිටින සියලුම පෙරමුණුවලින් යුද්ධය අවසන් කළ යුතුය.
5 . හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමේ ස්වාධීන සහ නීත්‍යානුකූල අයිතිය ඉරානය සතු බව පිළිගත යුතුය.
- ඉරාන මාධ්‍ය වාර්තා -
