ගිනි අවියක් ඇතුළු පතොරම් සමග අයෙක් අත්අඩංගුවට..

ගිනි අවියක්, පතොරම් සහ අත් බෝම්බයක් සමග සැකකරුවෙක් මාළඹේ, තලාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට..

by Staff writer 13-01-2026 | 9:55 AM

COLOMBO (News 1st) - ගිනි අවියක්, පතුරම් හා අත් බෝම්බයක් සමග සැකකරුවෙකු මාළඹේ, තලාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කළ වැටලීමකදී  T56 ගිනි අවියක්, එම පතරොම් ගැබක්, එම ජීව පතරොම් 10 ක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, 27 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා පසුගිය වසරේ නොවැම්බර් 14 වැනිදා බොරැල්ලේදී කාන්තාවකට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයේ ප්‍රධාන සැකකරු බවද පොලීසිය සඳහන් කළේ ය.