චීන විදේශ කටයුතු පිළිබඳ ඇමති දිවයිනට

චීන විදේශ කටයුතු පිළිබඳ ඇමති දිවයිනට

by Staff writer 12-01-2026 | 7:28 AM

COLOMBO (News 1st) - 

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ අද අලුයම දිවයිනට පැමිණියේ ය.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පියාසර කරන අතරතුර අද අලුයම  01.05 ට පමණ දිවයිනට පැමිණ තිබුණේ චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඔහු මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් සමග සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බවයි

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ඇතුළු  පිරිස අද පෙරවරු 11ට පමණ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.