මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත වෙයි..

මෙරට ජනප්‍රිය බටහිර ගී ගායන ශිල්පියෙකු වූ මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 27-12-2025 | 4:35 PM

COLOMBO (News 1st) -බටහිර ඉංග්‍රීසි ගීත, මෙරට රසික හදවත් වලට සමීප කළ ගායන ශිල්පී මැක්සි රොසයිරෝ, අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඔහු අද පෙරවරුවේ මිය යන විට වයස, අවුරුදු 77 කි.

ඉංග්‍රීසි ගීත මෙරට රසිකයින් අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඔහු මාහැඟි මෙහෙවරක් ඉටු කළේ ය.

ස්පිට්ෆයර්ස් ( SPITFIRES ) සංගීත කණ්ඩායම හරහා සිය ගායන දිවිය ආරම්භ කළ ඔහු, 70 දශකයේ මෙරට තුළ අතිශය ජනාදරයට පත් ඉංග්‍රීසි ගීත ගායකයෙකි.

පසුව ඔහු, මහෝගනී නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කර, බටහිර ගීත, මෙරට සංගීතලෝලීන්ට සමීප කරවීම වෙනුවෙන් විවිධ ප්‍රසංග පවත්වනු ලැබුවේ ය.

පවුලේ ඥාතීන් සදහන් කළේ, දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය, පසුව දැනුම් දෙන බවයි.