යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට චෝදනාවක්..

තම රටට ප්‍රහාර එල්ල කිරීම සඳහා රුසියාව, බෙලරුස් භූමිය භාවිතා කරන බවට යුක්‍රේන ජනපතිගෙන් චෝදනා..

by Staff writer 27-12-2025 | 7:27 AM

COLOMBO (News 1st) - තම රටට ප්‍රහාර එල්ල කිරීමට රුසියාව, බෙලරුස් භූමිය භාවිතා කරන බව යුක්‍රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසයි.

ඒ යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති මඟ හැර ප්‍රහාර එල්ල කිරීම සදහාය.

කෙසේ වෙතත් යුක්‍රේන ජනපතිවරයා අනතුරු අඟවන්නේ මෙය බෙලරුසියාවටම අනතුරුදායක තත්ත්වයක් විය හැකි බවය.

ඒ රුසියාවට, රටේ ස්වෛරීභාවය භාර දීම විවේචනය කරමින්ය.

යුක්‍රේන බුද්ධි අංශ පෙන්වා දෙන්නේ බෙලරුස් දේශසීමාව අසල ගොඩනැගිලිවල රුසියානු හමුදා උපකරණ ස්ථානගත කර ඇති බවය.