.webp)

COLOMBO (News 1st) - ගතවූ පැය 24 තුල සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.
වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් විදුලි පහන් කණුවක ගැටී පෙරලීමෙන් කඩුවෙල පදිංචි 14 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ ය.
තුම්මෝදර බෝලවත්ත මාර්ගයේ පෙස්ටස් පෙරේරා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් මහවැව පදිංචි 18 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ තලාව සිට දෙබොක්කාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කානුවකට වැටීමෙන් අනතුරක් 31 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.
මේ අතර ඇලකන්ද සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටීමෙන් පැදිකරු හා පසුපැදිකරු මියගොස් ඇති අතර පොලිසිය පැවසුවේ 21 හා 25 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදංචිකරුවන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවය.
