යළිත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

යළිත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 16-12-2025 | 6:01 PM

COLOMBO(News1st) - කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර සහ සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි  අපේක්ෂා කළ හැකි බව සඳහන් වේ

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්,දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර,ප්‍රධාන වැව් 26 තවදුරටත් වාන්දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා අංශයේ අංශයේ අධ්‍යක්ෂ එල්.එස් සූරිය බණ්ඩාර සඳහන් කළේ, මධ්‍යම ප්‍රමාණයේ වැව් 41 ක්ද වාන් දමමින් පවතින බවයි.

මේ අතර, මහනුවර, කුරුණෑගල හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 26කට අධියර දෙක යටතේ අවදානයෙන් සිටිය යුතු බවට වන නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, කුරුණෑගල, බදුල්ල, මාතලේ  හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 33කට අධියර එක යටතේ නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.