ආපදාවෙන් ළමුන් 100කට පමණ මව හෝ පියා අහිමි වෙයි

ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමණ මව හෝ පියා අහිමි වී ඇති බවට අනාවරණයක් - ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍යාංශය

by Staff writer 16-12-2025 | 8:02 AM

COLOMBO (News 1st) - ආපදා හේතුවෙන් දරුවන් 100 දෙනෙකුට පමන මව හෝ පියා අහිමි වී ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබද අමාත්‍යාංශය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් ළමුන් 35 දෙනෙකු මියගොස් ඇති බව අමාත්‍යවරිය පැවසුවේ ය.

පීඩාවට පත් දරුවන්ගේරැකවරණය සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද ඇය සඳහන් කළා ය.