රඹුක්කන, කුරුණෑගල දක්වා දුම්රිය මාර්ග යළි විවෘතයි

රඹුක්කන, හා කුරුණෑගල දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය අවසන්..දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නවා - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 10-12-2025 | 9:52 AM

අද (10) දිනයේ රඹුක්කන, පොල්ගහවෙල කුරුණෑගල, ගනේවත්ත, නාත්තන්ඩිය  සහ කොච්චිකඩේ සිට කොළඹ කොටුවට දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා තත්ත්වයෙන් අඹේපුස්ස හා අලව්ව අතර බුජ්ජොමුව  දුම්රිය බෝක්කුව කැඩියාම හේතු‍වෙන් ප්‍රධාන මාර්ගයේ උතුරු මාර්ගයේ හා නැගෙනහිර මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්සට සීමා කීරීමට සිදුවූ බව දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ ය.

යුධ හමුදාවේද සහයෝගයෙන් එම බෝක්කුවේ පිළිසකර කිරීම් අවසන් කර ඇති බව ඔහු සඳහන් කරන ලදි.