.webp)

COLOMBO (News 1st) - සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත ඇතිවිය හැකි බවද අද අලුයම නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට අද දිනයේ 100mm කට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ දිවයින හරහා ඊසාන දිග මෝසම ස්ථාපිත වීමත් සමගය.
මධ්‍යම හා ඌව පළාත්වලය මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරුවේ මිලිමීටර් 75ක පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
උතුරු , උතුරුමැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් , මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදි.
සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත ඇතිවිය හැකි බවද අද අලුයම නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, ප්‍රධාන ජලාශ 29ක් මේ වන විට වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දැදුරුඔය , යාන්ඔය , ලුණුගම්වෙහෙර , සේනානායක සමුද්‍රය ඒ අතරට ඇතුළත් වේ.
