දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ රතු නිවේදන තවදුරටත්

දිස්ත්‍රික්ක 4ක නායයෑම් පිළිබඳ රතු නිවේදන තවදුරටත් ! - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

by Staff writer 10-12-2025 | 7:34 AM

COLOMBO (News 1st) - මේ අතර, දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

මහනුවර , කෑගල්ල , කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.

මේ අතර කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා තිබේ.

මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජේ කේ හේරත් පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවය.