.webp)
-605536.jpg)
COLOMBO (News 1st) - ආපදා කළමණාකරනය පිළිබද ජනාධිපති කමිටුව අද (10) දෙවන දිනටත් රැස්වේ.
ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කරනු ලැබුවේ ආපදා හේතුවෙන් පීඩාවට පත් වුණ ජනතාවට සහන සැලසීම සඳහා ලබා දෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීම වෙනුවෙනි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සභාපතීත්වය දරණ එහි සාමාජිකයින් සංඛ්‍යාව 8 ක්.
ආධාර ලබාදීමේ වැඩපිලිවෙළ පිළිබද මහජනතාව සහ තානාපති කාර්යාල දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවේ ය.
