.webp)
-603075.jpg)
COLOMBO (News 1st) - රේගුව මගින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
රේගු නිළධාරින් ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදීය.
එම අවස්ථාවට කාරක සභාවේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියේ ය.
