ප්‍රදේශ රැසක උණුසුම අවදානය කළ යුතු මට්ටමක

ප්‍රදේශ රැසක උණුසුම අවදානය කළ යුතු මට්ටමක

by Staff writer 03-11-2025 | 9:37 AM

COLOMBO (News1st) - ප්‍රදේශ රැසක උණුසුම අද අවධානය කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේ හා පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ ඒ අතරට ඇතුළත් ය.

මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි  පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි..