.webp)
COLOMBO (News 1st) -
හිටපු සබරගමුව පළාත් සභා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ලබන මස 02 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධානාගාරගත කෙරිණ.
ඒ, ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ එම් පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2016 -2017 වර්ෂවලදී මාර්ග ව්‍යාපෘති කිහිපයකින් රුපියල් කෝටි 7කට අධික මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ලැබුවේ ය.