තුසිත හල්ඔලුවට ඇප...

තුසිත හල්ඔලුවට ඇප...

by Staff writer 18-09-2025 | 11:20 AM

COLOMBO (News 1st) -  ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ඔලුව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා අද (18) නියෝග කළේ ය.

ඒ අනුව සැකකරු මුදා හැරුණේ , රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කරමින්, විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

තුසිත හල්ඔලුව මහතා පසුගිය අගෝස්තු මස 19 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණින.

ඒ , පසුගිය මැයි 17 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළවයි.