අම‍ෙරිකාව චීනයට පැනවූ තීරුබදු කාලය දීර්ඝ කෙරේ

අම‍ෙරිකාව චීනයට පැනවූ තීරුබදු දින 90කින් දීර්ඝ කෙරේ

by Staff writer 12-08-2025 | 10:51 AM

COLOMBO (News 1st) - අම‍ෙරිකාව චීනයට පැනවූ තීරුබදු ක්‍රියාත්මත වීම දින 90කින් දීර්ඝ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම නියෝගයට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තැබූ බවයි.

චීනය සහ ඇමරිකාව අතර තීරුබදු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ අද(12) අළුයම සිටයි.

ඒ අනුව චීන භාණ්ඩ සඳහා  145%ක තීරු බද්දකුත්,අම‍ෙරිකානු භාණ්ඩ සඳහා 125%ක තීරුබද්දකුත් ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

කෙසේ නමුත් තීරුබදු ගිවිසුම ක්‍රියාත්මක වීම කල් යෑම හේතුවෙන් මේ වන විට චීන ආනයන සඳහා නියම වී ඇත්තේ  30%ක තීරුබද්දකි

අම‍ෙරිකාව භාණ්ඩ සඳහා 10%ක තීරුබද්දක් ක්‍රියාත්මකයි.